Tuesday, February 24, 2015

මේ සියවසේ දරුණුම ඛේදවාචකය යහපත් මිනිසුන්ගේ නිහඬ බවයි...

මා කියමි උගතුන්,බුද්ධිමතුන් දේශපාළනය කල යුතුමය.මුලින්ම මෙසේ කියන්නෙ මා නොවෙමි.මීට ප්‍රථමයෙන් ප්ලේටෝ මෙසේ කියා ඇත,බර්ටෝල් මීට සමාන යමක් කියා ඇත,අද මමද එයම කියමි. උගත්කම යන්නට මේ යැයි නිර්වචනය කල නොහැක.නමුදු යම් ආකාරයක උසස් අධ්‍යාපනයක් ලැබූ අප, ඔබ සැවොම දේශපාළන ක්‍රියාවලියට සක්‍රීයව දායක විය යුතුය.එය ඔබේ යුතුකමක් නොව වගකීමකි.මන්ද,අප යම් අධ්‍යාපනයක් ලැබූයේ රෝස මල් යහනා මතින්ම පමනක් නොවන බව අප දනිමු.එනිසාවෙන්ම අප ඒ වෙනුවෙන් අසීමිත ප්‍රතිලාභ ලැබිය යුත්තන් වෙමු.එසේනම් අපට ප්‍රතිලාභ ගලා එන ප්‍රධාන මාර්ගය රාජ්‍ය පාලනයයි.එම රාජ්‍ය පාළකයා තේරීමේදී අප නිහඩ වන්නේ නම් කෙසේ නම් අප යමක් බලාපොරොත්තු වන්නද?ඔබ අප නිහඩ වූ තැන දේශපළනය කරන්නේ නූගතුන්ය.එවන් නූගතුන්ගෙන් කෙසේනම් උගත් පාලකයෙක් තේරී පත් වන්නද?එන්න අපි දේශපාලනය කරමු.
මම තිලාන් ජයසේකර